Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

විදේශීය තරඟාවලියන්හිදී යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් තිදෙනෙකු දස්කම් දක්වයි

පිලිපීනයේ පැවැති මළල ක්රීීඩා තරඟාවලියේ දී සහ දකුණු කොරියානු විවෘත මළල ක්‍රීඩා උළෙල - 2018 හිදි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් තිදෙනෙකු රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට සමත් විය.

පිලිපීනයේ පැවැති මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 දීවිමේ තරඟ ඉසව්වේදී ජාතික මට්ටමෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කල 1 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.එම්. දිලිප්රුවන් තත්පර 46.87 ක කාලයක් තුල තරඟය නිමා කරමින් රන් පදක්කම දිනාගත් අතර, එම ඉසව්වේම ලෝකඩ පදක්කම හිමිකරගැනීමට තත්තපර 47.65 ක කාලයක් වැය කල 17 වන ගැමුණු හේවා බළඇණියේ කෝප්‍රල් එම්.ජි.ඒ. ප්‍රේමකුමාර සමත් විය.

මේ අතර, ජූනි මස 16 සහ 17 දිනයන්හි දකුණු කොරියාවේ යෙකෝන් මහජන ක්රී්ඩාංගනයේ පැවැති කොරියානු විවෘත මළල ක්රීහඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ජි.කේ.ඩි.එස්. ප්‍රියරත්න විසින් එම මළල ක්‍රීඩා උළෙලේ දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.73 ක දුරක් පනිමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනිමට සමත්විය.

Adidas shoes | Nike React Element 87