Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2020 22:25:58 Hours

විදේශ රටවල සිටි පැමිණි ශ්‍රී ලාංකිකයන් ‘ඉටුකම’ අරමුදලට මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරයි

රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ පිහිටි යුද්ධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා භාජනය වූ විදේශය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 113 දෙනෙකු, නිරෝධායන කාලය තුළ ඔවුන් වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලැබූ ප්‍රශංසනීය කාර්යභාරය අගය කරමින් අද (24) දින උදෑසන එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම ‘ඉටුකම’ කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂක අරමුදලට රුපියල් 825,000/= ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණි මෙම පුද්ගලයින් 113 දෙනා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරනු ලැබීය.

නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර නිරෝධායන සහතිකය ලබාගත් ඔවුන් සියළුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම මෙම මුදල් පරිත්‍යාගය භටකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් වසන්ත මදෝල ජ්‍යෙෂ්ඨ නිලධාරී හට භාරදෙනු ලැබීය.

මෙම මූල්‍යමය පරිත්‍යාගය සිදුකිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් එහි රැඳි සිටියහ. Best jordan Sneakers | Air Jordan