Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

විජයබාහු මෝටර් ක්‍රොස් බෝයගනේ ධාවනපථයේ දී

වසරේ දැවැන්ත යතුරු පැදි ධාවන තරගයක් වන ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2017’ 15 වන වරටත් කුරුණැගල, බෝයගනේ ධාවනපථයේ දී ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංවිධානයෙන් ඉරිදා (02) දින උදෑසන යතුරුපැදි ධාවන තරඟවලට ඇලුම් කරන ක්‍රීඩා ලොලීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම තරඟාවලිය ක්‍රීඩා ඉසව් 14 කින් සමන්විත වු අතර, මෙම ධාවන පථය දිවයිනේ පිහිටි ඉතා උසස් මට්ටමේ කිලෝමිටර 1.9 දිග ධාවන පථයක් වේ. එමෙන්ම මෙම වසරේ තරඟාවලිය සඳහා එක් ජපන් ධාවන පැදි කරුවකු ද සහභාගි වූ අතර, ක්‍රීඩා ලොලීන් හට තවත් චමත්කාරයක් එක්කරමින් කුඩා ළමුන් සඳහා ද ඉසව් 03 ක් පැවැත්විණි.

1998 වර්ෂයේ දී සකස් කරන ලද මෙම ධාවන පථය විජයබාහු රෙජිමේන්තුවට අයත් වන අතර, දිවයිනේ ඇති අභියෝගාත්මකම ධාවන පථයක් ලෙස ද මෙය හැඳින්විය හැක. පළමු ධාවන තරඟය යුද හමුදා ධාවන පැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් 2000 වසරේ දී පැවැත්වුනු අතර, වයඹ පලාතේ සහ දිවයිනේ අනෙකුත් පලාත්වල ක්‍රීඩකයින් ධාවන පැදිකරුවන්ට ඔවුන්ගේ කුසලතාවයන් පෙන්විමට ද, යතුරු පැදි ධාවන තරඟ දිවයිනේ ප්‍රසිද්ධ කිරීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලැබේ.

විජයබාහු මොටර් ක්‍රොස් - 2017 සඳහා ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දැක් වූයේ නව ලංකා ගෘහභාණ්ඩ (පුද්) සමාගම විසින් වන අතර, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, හච් පුද්ගලික සමාගම, සියට් ආයතනය, කැළණි ජාත්‍යන්තර ටයර් (පුද්) සමාගම, හොන්ඩා සහ එලිෆන්ට් හවුස් සමාගම සම අනුග්‍රහය දක්වන ලදි.

මෙහිදි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විශිෂ්ඨ දක්ෂතා දැක් වූ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් නිහාල් විජේරත්න වෙත යුද හමුදාපති කුසලානය පිරිනැමිම ද, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් සමීර ප්‍රේමරත්න වෙත ඔහුගේ විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් රෙජිමේන්තු අධිපති අභියෝගතා කුසලානය පිරිනැමිම සිදු කරන ලදි.

මෙමඟින් ලැබෙන අරමුදල් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලැබේ.

එම තරඟ ඉසව්හි ජයග්‍රහකයින් පහතින් දැක්වේ ;

Group MX Over 100 CC up to 125 CC 2T Defence Services

1. බුද්ධික සිල්වා

2. සමිර ප්‍රේමරත්න

3. ඊ.ඒ.පී.එන්. එදිරිසිංහ

Group M Standard/Modified Street Trail Motorcycles – Including 125 CC 2T up to 250CC 4T - Moto 01

1. ඉවොන් බියාගේ ගුරුසිංහ

2. ලහිරු ජිවන්ත

3. සඳරු ශානිල්ක

Group M125 Standard / Modified Street Trail Motorcycles – Over 100 CC up to 125 CC 2T - Defense Services

1. නිහාල් විජේරත්න

2. එම්.එන්. පෙරේරා

3. නිමල් පුෂ්ප කුමාර

Group MX250 Over 100 CC up to 125 CC 2T & 175CC up to 250 CC 4T - National Championship - Moto 01

1. ඉෂාන් දිසානායක

2. සමිර ප්‍රේමරත්න

3. ජින ලියනගේ

Group M125 Standard / Modified Street Trail Motorcycles – Over 100 CC up to 125 CC 2T – Open

1. එම්.එන්. පෙරේරා

2. නිහාල් විජේරත්න

3. නිමල් පුෂ්ප කුමාර

Group J MX85 –65CC up to 85CC (2T) & 100CC up to150cc 4T - Under 13 yrs

1. කේසර ගොඩගේ

2. තුරුක රුමාෂ් ද සිල්වා

3. ගංගන ප්‍රනාන්දු

Group MX125 Over 100CC up to 125 CC 2T (Open)

1. ඉෂාන් දිසානායක

2. සමිර ප්‍රේමරත්න

3. බුද්ධික සිල්වා

Group JMX 50 CC Over 5 yrs and Under 10 yrs - Moto 01

1. මිනුක රත්නායක

2. රුවිනු රත්නායක

3. ඇසළ මදනායක

Group J MX85 Over 79CC up to 85 CC (2T) & 100CC up to 150CC 4T Under 16 yrs – Moto 01

1. විනුෂ්ක සිල්වා

2. කේසර ගොඩගේ

3. ස්ටේපන් ප්‍රනාන්දු

Group MX250 Over 100 CC up to 125 CC 2T & 175CC up to 250 CC 4T -International - Moto 02

1. සමිර ප්‍රේමරත්න

2. ඉෂාන් දිසානායක

3. බුද්ධික සිල්වා

Group JMX 50 CC Over 5 yrs and Under 10 yrs - Moto 02

1. මිනුක රත්නායක

2. පබසිරි ඇසල මදනායක

3. හිරුෂ පාදුක්ක

Group M Standard/Modified Street Trail Motorcycles – Including 125 CC 2TUP to 250CC 4T - Moto 02

1. ඉවෝන් බියගේ ගුරුසිංහ

2. ලහිරු ජිවන්ත

3. නිහාල් විජේරත්න

Group J MX85 Over 79CC up to 85 CC (2T) & 100CC up to 150CC 4T Under 16 yrs – Moto 02

1. විනුෂ්ක සිල්වා

2. භානුක රත්නායක

3. ස්ටේපන් ප්‍රනාන්දු

Group MX250 Over 100 CC up to 125 CC 2T & 175CC up to 250 CC 4T Open - Moto 03

1. සමිර ප්‍රේමරත්න

2. බුද්ධික සිල්වා

3. ජින් ලියනගේ

Nike air jordan Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C