Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2019 21:12:23 Hours

විගණකාධිපති විසින් රජයේ නව විගණන පනත හා එහි විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීන් දැනුවත් කෙරේ

යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ ශාඛාව විසින් සංවිධානය කල නව ජාතික විගණන පනත හා එහි ඇතුලත් කල නව විධිවිධාන පිළිබඳ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (13) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ ශාඛාවෙහි ආරාධනයකට අනුව සපැමිණි ශ්‍රී ලංකා විගණකාධිපති එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා සහ නියෝජ්‍ය විගණකාධිපති ජි.ඒ.එම්.අයි. ගුණරත්න මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර විසින් විගණකාධිපතිතුමන්, නියෝජ්‍ය විගණකාධිපතිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියළු සහභාගිවූවන් උණුසුම් අයුරින් පිළිගනිමින් වැඩමුළුව පැවැත්වීමේ අරමුණ පැහැදිලි කල අතර සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා වැඩමුළුව ආරම්භ කෙරිණි.

මෙම වැඩමුළුවේදී අංක 2018 අංක 19 දරන නව විගණන පනත වෙත නව විධිවිධාන ඇතුළත් කර ඇති අතර දැනට පවතින ආඥාපනතේ අනාවරණය නොවූ කොටස් ආවරණය වන පරිදි නව මූල්‍ය රෙගුලාසි සහ විධිවිධාන මඟින් යුද්ධ හමුදාවේ මූල්‍ය කළමනාකරණය වඩාත් කාර්යක්‍ෂම කරවනු ඇති බව සහ ප්‍රායෝගිකව වැඩි ප්‍රතිඵල ලබාගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කළහ. විගණන පනත හා මූල්‍ය කළමණාකරණය යටතේ නව විධිවිධාන පිළිබඳව සහභාගී වූ නිලධාරින්ට පුළුල් දැනුමක් ලබාගැනීමට ද මෙම වැඩමුළුව උපකාරී විය.

මෙම වැඩමුළුව අවසානයේ ස්තූති කථාව අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුජිත් පෙරේරා විසින් සිදු කළහ. තවද, නිලධාරීන්ට මූල්‍යමය රාජකාරින් ඉටුකිරීමේදි උද්ගතවන ප්‍රායෝගික ගැටළු ඉදිරිපත්කර පැහැදිලි කරගැනීමට ද අවස්ථාව සලසාදෙන ලදී.

දිනය පුරා පැවැති මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, යුද්ධ හමුදා මූලස්ථාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ආඥාපති, සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස් ආඥාපතිවරුන්, යුද්ධ හමුදා මූලස්ථාන අධ්‍යක්‍ෂවරුන්, බලසේනාධිපතිවරුන්, පුහුණු පාසල් සේනාවිධායකවරුන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 300 කට අධික පිරිසක් සහභාගි වූහ. Sport media | 『アディダス』に分類された記事一覧