Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වැල්ලවාය සහ සියඹලාණ්ඩුව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමක්

කොළඹ කැපිටල් සිටි රොටරි සමාජයේ පුර්ණ අනුග්‍රහකත්වයෙන් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් වැල්ලවාය ප්‍රදේශයේ තෝරාගත් පාසල් 18 ක ආර්ථික අපහසුතාවයන් ඇති පාසල් සිසුන් 1001 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන දෙසැම්බර් මස 4 සහ 5 දිනයන්හිදි පිළිවලින් කුඹුක්කන ගංඟාරාම විහාරස්ථානයේ සහ වැල්ලවාය වෙහෙරයාය කණ්ෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.

මේ අතර, 121 වන බලසේනාවේ භට පිරිස් විසින් සියඹලාණ්ඩුව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සියඹලාණ්ඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාසල් 06 කින් තෝරාගත් පාසල් සිසුන් 250 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ තොගයක් කොළඹ කැපිටල් සිටි රොටරි සමාජයේ අනුග්‍රාහකත්වයෙන් සිකුරාදා (08) දින බෙදාදෙනු ලැබීය.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හරින් පෙරේරා, 121 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් කොස්වත්ත සහ පරිත්‍යාගශීලින් විසින් පාසල් සිසුන් වෙත තෑගි පාර්සල් බෙදාදුන් අතර, මෙම අවස්ථාව සඳහා දෙමාපියන් සහ ගම්වැසියන් රැසක් ද එක්ව සිටියහ.

මෙහිදි, ජංගම වෛද්‍ය සායනයක් ද පවත්වමින් බෝ නොවන රෝග පිළිබඳ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ළමුන් වෛද්‍ය පරික්ෂාවට ලක් කරන ලදි.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 121 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින්, ගුරුවරුන් සහ සිසුන් රැසක් සහභාගි විය.

Adidas footwear | nike fashion