Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2020 14:53:39 Hours

වව්නියාව රෝහලේ හිඟවෙමින් පවතින රුධිර සංචිතයන් වෙනුවෙන් වන්නි භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කොවිඩ් - 19 රෛසය ව්‍යාප්තියත් සමඟ වව්නියා මහ රෝහලේ රුධිර සංචිත හිඟවීම හේතුවෙන් එම රෝහලේ ලේ බැංකුවේ උපදේශක රුධිර පාරවිලයන වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වන්නි යුද්ධ හමුදා රෝහලේ දී ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

කොරෝනා වෛරස් වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ විවිධ වර්ගයේ රුධිර කාණ්ඩ, රුධිර පට්ටිකා සහ නැවුම් රුධිර සංචිත සඳහා වන හදිසි අවශ්‍යතාවයක් සපුරාලීමේ පියවරක් වශයෙන් මෙම ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහන දියත් කරන ලදී.

මෙම වැඩසටහනේදී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු පමණ වන්නි රෝහලේ ලේ බැංකුවේ ඇති රුධිර හිඟයට පිළියමක් ලෙස ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.

වව්නියා මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් වන්නි ආරක්‍ෂක සේනා ක්ෂේත්‍ර රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ද සහයෝගය මත මෙම ලේ දන් දීමේ වැඩසටහන පවත්වන ලදී. best Running shoes brand | Air Jordan