Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි පිහිනුම් තරඟාවලියේ ශූරතාවය 21 වන සේනාංක පිහිනුම් ක්‍රීඩකයින්ට

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද අන්තර් සේනාංක පිහිනුම් තරඟාවලිය - 2019 හි අවසන් තරඟ පසුගිය සඳුදා (18) දින 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා කඳවුරු පරිශ්‍රයේ පිහිටි පිහිනුම් තටාකයේ දී පැවැත්විණි.

මෙවර තරඟාවලිය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61 හා 62 වන සේනාංක මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස උතුරු මැද සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර තරඟාවලිය මාර්තු මස 15 සිට 18 දින දක්වා පවත්වන ලදී.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරීනැමීම සඳහා මෙන්ම අවසන් තරඟයන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නියෝජනය කරමින් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය සහභාගි වූහ.

මෙම තරඟාවලියේ දී පිහිනුම් ක්‍රීඩාවේ වෘත්තිමය කුසලතා ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වාර්තාවන් රැසක් පිහිටුවා ඇත.

මෙම තරඟාවලියේ සමස්ථ ශූරතාවය 21 වන සේනාංකය විසින් හිමිකරගත් අතර අනුශූරතාවය 62 වන සේනාංකයට හිමිවිය. best shoes | jordan Release Dates