Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 13:23:04 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව අඥාපති ලෙස මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර රාජකාරි අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 22 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (16) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමිණි. ඉන් අනතුරුව, සරඹ භූමීය වෙත පිවිසි නව ආඥාපතිතුමන් වෙත පෙලපාලි අණදෙන නිලධාරී විසින් සම්මාන පෙලපාලිය පරික්‍ෂා කරන ලෙස ආරාධනා කළේය. පසුව 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය.

එම අවස්ථාවෙන් පසු සිය කාර්යාලය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. පසුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට සමගාමීව කොමිෂන් නොලත් නිලධාරී භෝජනාගාරයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ නව ආඥපතිතුමන් අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයන් ඇමතීය.

මෙම උත්සව අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Best Sneakers | Gifts for Runners