Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරඟාවලිය උත්කර්ශවත් අයුරින් නිමා වේ

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක මළල ක්‍රීඩා - 2017 හි සමාප්ති උළෙල ඉරිදා (15) දින පුන්තොට්ටම් විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.

ඔක්තෝබර් මස 13 සිට 15 දක්වා පැවති මෙම ජවන හා පිටිය ක්‍රීඩා උළෙල සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21, 54, 56, 61, 62 සේනාංක, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ.

වන්නි ප්‍රදේශයේ භට පිරිස් හි මළල ක්‍රීඩා දක්ෂතා ඉතා ඉහළ මට්ටමකින් නිරුපණය කෙරුණු මෙම තරඟාවලියේ සමස්ත ශුරතාවය 56 වන සේනාංකයටත්, අනුශුරතාවය 62 වන සේනාංකයටත් හිමි වූ අතර, කාන්තා බලකා අතරින් ශුරතාවය 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායටත්, අනුශුරතාවය 4 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායටත් හිමිවිය.

56 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් විසින් සේනාංකාධිපති බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර ගේ පූර්ණ අධික්ෂණයෙන් මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කල අතර, එහි සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුවිය.

සියලුම සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sports News | Ανδρικά Nike