Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2020 16:31:57 Hours

වන්නි ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක නිරතවෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිතුමන් සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ඉකුත් සෙනසුරාදා (23) දින 54 වන සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.

54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්ව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර විසින් සේනාංකයේ කාර්යභාර්ය සහ වගකිම් පිළිබඳ සවිස්තරාත්මක ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් අනතුරුව, එතුමන් 542 වන බලසේනාවේ, 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සංචාරය කර එහි සේවය නියුතු භටපිරිස් ඇමතීමෙන් අනතුරුව විල්පත්තුව රක්‍ෂිතයේ පැවැති රුක් රෝපණ වැඩසටහනකට ද එක්විය. 54 වන සේනාංක මූලස්ථාන බලප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව එතුමන් සීලාවතුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා වියළි සලාක පාර්සල් සහ පාසල් උපකරණ තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

නව ආඥාපතිතුමන් මන්නාරම රදගුරු මන්දිරයේදී ආචාර්ය එමානුවෙල් ප්‍රනාන්දු මහතා හමුවී ජනවාර්ගික සමගිය හා සංහිඳියාව පිළිබඳ පිළිසදරක ද යෙදිණි.

මෙම සංචාරය සඳහා වන්නි ආඥපතිතුමන් සමඟින් 541, 542, 543 සහ 544 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ. Sports Shoes | Sneakers