Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වඩ්ඩකච්චි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ සිසුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් ගෘහ භාණ්ඩ ලබාදෙයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් රුපියල් 45,000/= ක් වටිනා පාසල් ගෘහ භාණ්ඩ තොගයක් සිකුරාදා (10) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි වඩ්ඩකච්චි රජයේ දෙමළ මිශ්‍ර පාසල වෙත එහි පැවති චාම් උත්සවයක දී පරිත්‍යාග කරන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රිකයේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම පාසලේ අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් හමුදා සාමාජිකයන් විසින් නිෂ්පාදනය කරන ලද පාසල් පුටු 15 ක් සහ මේස 15 ක් මෙහිදි පරිත්‍යාග කරනු ලැබීය.

පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් අජිත් සේනාරත්න විසින් 57 වන සේනාංකයේ සහ 573 බලසේනාවේ මඟපෙන්විම යටතේ මෙම ගෘහ භාණ්ඩ සැපයීම සිදු කළහ.

6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධික්ෂණයෙන් භට පිරිස් විසින් දේශිය අමුද්‍රව්‍ය භාවිතා කරමින් මෙම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ලදි.

6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නිලධාරින් සහ සෙසුනිලයින්, විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාව සහභාගි වුහ.

එහිදි, ගුරුවරුන් සහ පාසල් දරුවන් වෙනුවෙන් විදුහල්පතිතුමන් මෙම පරිත්‍යාගය වෙනුවෙන් හමුදාපති සහ 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සියලුම සාමාජිකයන් වෙත සිය කෘතඥතාවය පුද කර සිටියහ.

Nike Sneakers Store | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News