Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2020 05:31:51 Hours

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නද්ධ රථ සහ බහුකාර්ය යාන්ත්‍රික අවි පිළිබඳ අභ්‍යාසයක්

පුරා දින පහක් පැවැති ‘Ex-Steel Siorm - 2020’ වෙඩි තැබීමේ අභ්‍යාසය සඳහා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකාය (United Nations Interim Force in Lebanon) යටතේ සේවය කරන ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කණ්ඩය ඇතුළු ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ස්ලෝවේනියාව, ඝානා, දකුණු කොරියාව, මැලේසියාව, නේපාලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, සර්බියාව, බ්‍රසීලය, බංගලාදේශය, චීනය, පෝලන්තය සහ ලෙබනනය යන රටවල සාම සාධක හමුදාවන් සහභාගි වූහ.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කණ්ඩය සමගින් නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයන් 27 දෙනෙකු සහභාගී වූ මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා යාන්ත්‍රික අවි සහිතව භටපිරිස් ප්‍රවාහනය කරන සංග්‍රාමික රථ භාවිතා කරමින් පැවැත්විණි. එහිදී, බහුකාර්ය යාන්ත්‍රික අවි සහ පුද්ගලික අවි භාවිත කරමින් තනිව සහ කණ්ඩායම් වශයෙන් වෙඩි තැබීමේ අභ්‍යාස පැවැත්විණි. තවද, ප්‍රදේශයේ ආරක්‍ෂාව හා ආරක්‍ෂක පියවරයන්, පුහුණු අභ්‍යාස හා මෙහෙයුම් වල හැකියාව, සරඹ හා මෙහෙයුම් අභ්‍යාස, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය තුල සේවය කිරීමේ හැකියාව හා ලෙබනන් සන්නද්ධ හමුදාවන්හී ආයුධ පද්ධති, සම්බන්ධීකරණ යාන්ත්‍රණ, එක්සත් ජාතීන්ගේ අතුරු බළකාය අතර අවශ්‍ය සම්බන්ධතා ක්‍රියා පටිපාටිය සහ ලෙබනන් සන්නද්ධ හමුදාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ඒකාබද්ධ අභ්‍යාසය පැවැත්විණි.

මෙම අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ ආඥාපති සහ මෙහෙයුම් ප්‍රධානි මේජර් ජෙනරල් ඩෙල් කෝල් (Head of the Mission and Force Commander Major General Del Col) සහභාගි විය. තවද, මෙම අවස්ථාවට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ නියෝජ්‍ය ආඥාපති ඇතුළු ජ්‍යෙෂ්ට හමුදා නිලධාරීන් සහ නියෝජිතයින් සහභාගි වූහ. කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම අභ්‍යාසයේ සමාරම්භක උත්සවය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්විණි.

අභ්‍යාසයට සහභාගී වූ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කණ්ඩය වැඩි වශයෙන් දකුණු ලෙබනනයේ, නිකවූරා පිහිටි ලෙබනන් එක්සත් ජාතීන්ගේ අතුරු බළකා මූලස්ථානයේ රාජකාරින් හී නිරතව සිටියි. 2004 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ සාමය පවත්වාගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන ක්‍රියාන්විත සඳහා දායක වන හමුදාවන් අතර ශ්‍රී ලංකාව ද සිටින අතර මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාල භටපිරිස් කණ්ඩායම් එම මෙහෙයුම් සඳහා සහභාගී කරවනු ලබයි.

මේ වනවිට, ශ්‍රී ලංකා හමුදා භටපිරිස් විශාල ප්‍රමාණයක් ලෙබනනය (UNIFIL), දකුණු සුඩානය (UNMISS), මාලි (MINUSMA), අබෙයි (UNISFA), නිව් යෝර්ක් (UNHQ), මධ්‍යම අප්‍රිකානු ජනරජය (MINUSCA) සහ බටහිර සහරා (MINURSO) වැනි මෙහෙයුම් සඳහා හමුදා නිරීක්‍ෂකයින්, මාණ්ඩලික නිලධාරීන්, මාණ්ඩලික නිලධාරි සහයකයින් සහ සෙසුනිලයින් වශයෙන් සහභාගී වී සිටිති. best Running shoes brand | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth