Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st July 2020 09:19:57 Hours

යෞවන කුසලතා එළිදැක්වීමේ ‘Jaffna Got Talents’ ගායන හා නර්ථන තරඟාවලිය සාර්ථකව නිමාවට

යාපනය අර්ධද්වීපයේ වෙසෙන සිය ගණනක් තරුණ තරුණියන්ගේ ආකර්ෂණීය සෞන්දර්යාත්මක කුසලතා එළි දැක්වීමේ අරමුණින් පවත්වනු ලබන ‘Jaffna Got Talent 2020’ දැවැන්ත ගායන හා නර්තන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් ඉරිදා (02) දින යාපනය ‘තන්තෛයි චෙල්වා’ ශ්‍රවණාගාරයේදී (Thanthai Chelva Auditorium in Jaffna) පැවැත් වූ අතර, මෙම තරඟාවලිය සංවිධානය කිරීමට ශක්තිය ලබාදුන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ ආරාධනයකට අනුව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මෙම තරඟාවලියේ අනුග්‍රාහකයින් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් (P. S. M Charles) මහත්මිය සහ යාපනයේ ස්ථාපිත ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් (Consul General of India in Jaffna) එස්. බාලචන්ද්‍රන් (S Balachandran) මහතා ද සහභාගී වූහ.

තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් සහ විශාල ප්‍රේක්‍ෂකයින් පිරිසක් ඉදිරියේ තරඟකරුවන් 20 දෙනෙකු (ගායන හා නර්තන අංගයන් 10 බැගින්) තරඟවැදුණු අතර ඉන් අවසන් මහා තරඟය සඳහා තරඟකරුවන් පස්දෙනෙකු සුදුසුකම් ලැබිණි. අවසන් මහා තරඟය පැවැත්වීමට ප්‍රථම අවසන් පූර්ව වටය සඳහා සහාභාගී වූ තරඟකරුවන් 10 දෙනෙකුට එම තරගාවලියට සහභාගී වීම වෙනුවෙන් ඇගයීමේ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

යාපනය, විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සහ යාපනය අර්ධද්වීපයේ මෙන්ම දිවයිනේ සුප්‍රකට විනිසුරු මඩුල්ලකගේ අධීක්‍ෂණය යටතේ මෙම තරඟාවලියට සුදුස්සන් තෝරාගැනීමේ පරීක්‍ෂණයක් වර්ෂ 2020 පෙබරවාරි මස 11 දින පවත්වනු ලැබීය. එමෙන්ම එම තරඟාවලියේ අවසන් පූර්ව වටයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරඟාවලිය අප්‍රේල් මස පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර තිබුණද කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එම තරඟය නොසිතූ අයුරින් කල් දැමීමට සිදුවිය. මෙම තරඟාවලිය නර්තන හා ගායන යන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විණි.

අවසන් මහා තරඟයේ දී ශූරතා කුසලාන හිමිකරගනිමින් ගායන කාණ්ඩයේ ජයග්‍රාහිකාව වූ ජෙගතීෂ්වරන් මාතුෂීගන් (Jegatheeswaran Mathushigan) මෙනවියට සහ නර්තන කාණ්ඩයේ ජයග්‍රාහිකාව වූ ආධිත්‍ය ජෙයබාලන් (Aththiya Jeyabalan) මෙනවියට රුපියල් 200,000.00 බැගින් මූල්‍යමය ත්‍යාග පිරිනමනු ලැබූහ. එහිදි, අනුශූරතා කුසලානයේ ගායන කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සිවලෝගනාදන් මේරි මැඩෝනා (Sivaloganathan Mary Madona) මෙනවියට සහ නර්තන අංශයේ ජයග්‍රාහකයා ලෙස වනාතී විශ්වනාදන් (Vanathy Visvanathan) මෙනවිය තේරීපත් වූහ. සෑම කාණ්ඩයකින්ම දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් තරඟකරුවන් හට රු. 100,000.00 සහ රු.50,000.00 බැගින් වූ මූල්‍යමය ත්‍යාග පිරිනැමූහ.

මීට අමතරව, අවසන් මහා තරඟය සඳහා සහභාගී වූ සියළු තරඟකරුවන්ට මූල්‍යමය ත්‍යාග පිරිනමනු ලැබිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම දැවැන්ත සංස්කෘතික තරඟාවලිය සඳහා විවිධ ආගමික පූජකවරුන්, යාපනය දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් සහ එතුමන්ගේ බිරිඳ, යාපනය, වන්නි සහ කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, උතුරු ප්‍රදේශයේ නාවික ආඥාපතිතුමන්, 51, 52, 55, 65, 66 සහ 68 යන සේනාංක වල සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු ප්‍රදේශය - උතුර ආඥාපතිතුමන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්, යාපනය අර්ධද්වීපයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, උතුරු පළාත් අධ්‍යාපන ලේකම්, යාපනය විශ්වවිද්‍යාලයේ විවිධ පීඨයන්හී පීඨාධීපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පොලිස් නිලධාරින් සහ භටපිරිස් මෙන්ම සිවිල් වැසියන් පිරිසක් ද සහභාගී වූහ. Running sneakers | 『アディダス』に分類された記事一覧