Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කල මුලතිව් පාපන්දු තරඟාවලියට කණ්ඩායම් 32 ක් තරඟ වදියි

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ මූලතිව් පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය සිකුරාදා (01) දින පූදුකුඩිඉරිප්පු මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩාංගණ හතරකදී පෙබරවාරි මස 16 දින සිට 28 දින දක්වා මූලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු කණ්ඩායම් 32 ක සහභාගිත්වයෙන් පැවැත්විණි. තරඟාවලියේ අවසන් තරඟය සඳහා වට්ටප්පලෙයි සෙන්තතමිල් පාපන්දු කණ්ඩායම සහ උඩප්පුකුලම් ඇලයි-ඔසියා පාපන්දු කණ්ඩායම තරඟ වැදුණු අතර එහිදි ලකුණු 2 – 0 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට උඩප්පුකුලම් ඇලයි-ඔසියා පාපන්දු කණ්ඩායම සමත්විය. තරඟාවලියේ තෙවන ස්ථානය ශාන්ත ජූඩ් පාපන්දු කණ්ඩායමට හිමිවිය.

මෙම තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සඳහා ආගමික පූජකවරුන්, මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු, 68 වන සේනාංකයේ සේනාංකාධිපති, 681, 682, 683 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරීන්, නාවික, ගුවන් හා පොලිස් සාමාජිකයින් ඇතුළු ක්‍රීඩාලෝලීන් රැසක් එක්ව සිටියහ.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන, මූදල් වවුචර් සහ සහතිකපත් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් විසින් පිරිනමන ලදී. affiliate link trace | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ