Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 06:01:44 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් මඩකලපුවේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙති

හැටන් නැෂනල් බැංකුවේ මඩකලපුව ශාඛාවේ කළමනාකරු ඒ.ඒ.එල්. කුමාර මහතාගේ සහයෝගය ඇතිව පාසල් උපකරණ තොගයක් පසුගිය අඟහරුවාදා (6) දින පරිත්‍යාග කරන ලදී. යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් දියත් කළ මෙම වැඩසටහනේදී මඩකලපුව ඉරුදුචෝලායි මඩු විෂ්ණු විද්‍යාලයේ සහ පවකොඩිචනායි විනයාගර් විද්‍යාලයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් 80 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහභාගි විය. 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ ලබාදුන් උපදෙස් මත 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් ලසන්ත ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කළහ.

ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පවකොඩිචනායි විනයාගර් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කර සිසුන්ට ක්‍රීඩා කටයුතු සඳහා පවරාදෙන ලදී.

මෙම උත්සවයට 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාසල් කාර්යමණ්ඩලය සහභගි වූහ. buy footwear | nike air force 1 shadow , eBay