Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2020 16:57:16 Hours

යුද්ධ හමුදාවෙන් අක්කර 1000 ක පොල් වගා කෙරේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මන්නාරම සහ වන්නි දිස්ත්‍රික්කවල පොල්, අඹ සහ අනෙකුත් ඵලදායී බෝග මහා පරිමාණයෙන් වගා කිරීමේ කටයුතු පුළුල් කරන ලදී.

රජයේ ඉඩම්වල ස්ථාපිත නව ගොවිපලවල්හි කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කන්දආරච්චි ඉකුත් අඟහරුවාදා (21) දින අන්දියාපුලියන්කුලම් හමුදා ගොවිපොලේ පොල් හා අඹ පැළ රෝපණය කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබාදුන් මාර්ගෝපදේශවලට අනුව, එදිනම අක්කර 50 ක අඹ සහ අක්කර 50 ක පොල් වගා කරමින් මෙම වගා ව්‍යාපෘතිය පුළුල් කරන ලදී. ඉදිරි මාස කිහිපය තුළ කන්දකඩු ගොවිපල ඇතුළු යුද්ධ හමුදාවට අයත් අනෙකුත් ගොවිපලවල වගා ව්‍යාපෘති දියත් කරමින් මෙම ව්‍යාපෘතිය පුළුල් කිරීමට කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය අපේක්‍ෂා කරයි.

එම අධ්‍යක්‍ෂ මණ්ඩලය පවසන පරිදී, සියලුම යුද්ධ හමුදා ගොවිපලවල් තුළ පොල් වගාව අක්කර 1000 ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ