Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 08:01:44 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට කෘතිම අත් පා බෙදාදෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එකාබද්ධව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 64 දෙනෙකුට නව කෘතිම අත් පා ලබාදීමේ මානුෂීය වැඩසටහනක් සංවිධානය කර ඇත.  

වර්ෂ 2009 මැයි මස එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති මානුෂීය මෙහෙයුම අවසන් වූ විගස පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය විසින් පුනරුත්ථාපනය කිරීමෙන් පසුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් (පිරිමි/කාන්තා) 64 දෙනෙකු වෙත කෘතිම අත් පා සකස්කර දීම සඳහා මිනුම් ලබාගැනීම අප්‍රේල් මස 5 සහ 6 දිනවල අනුරාධපුර ‘අභිමන්සල - 1’ දී පැවැත්විණි.

මානුෂීය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඇටවූ බිම්බෝම්බ හේතුවෙන් අත් පා අහිමි කරගත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් බොහෝදෙනෙකු, වර්ෂ 2010-2012 කාලය තුළ රජය විසින් ඔවුන් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ ශාරිරික ආබාධ නොතකා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථා ලබාදී රටේ නීතිගරුක පුරවැසියන් ලෙස සමාජයට එක් කරන ලදී.

පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් නිශ්ශංක සේනාධිර (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව මේ වනවිටත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ උතුරු හා නැගෙනහිර සේවය කරන එම පුද්ගලයින්ට ‘අභිමන්සල - 1’ වෙත ආරාධනා කළ අතර ඔවුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් ශිරාන් අබේසේකර ගේ සම්බන්ධීකරණය යටතේ ලබාදෙන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත රුපියල් මිලියන 4 ක පමණ වටිනාකමින් යුත් කෘතිම අත් පා මේ වසරේ අප්‍රේල් මස අවසානයට ප්‍රථම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙත පරිත්‍යාග කරන ලදි.  

මීට මාස කිහිපයකට පෙර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ශාරීරික ආබාධ සහිත රණවිරුවන් සඳහා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සුවතා නිකේතන දෙකක කෘතිම අත් පා නිෂ්පාදනය කිරීම ආරම්භ කළ අතර එමඟින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.  

එමෙන්ම, එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ යුද්ධයෙන් ශාරීරික ආබාධ වූ සිවිල් වැසියන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් අනුව දියත් කරනු ලැබූ ඍජුකාරික සහ අංගාදේශක පිළිබඳ වැඩමුළු දෙකට සහභාගී වී එම සේවාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියි. වැඩි විස්තර සඳහා දුරකථන අංක: 011-2958077 (රාගම රණවිරු සේවන) සහ 025-2225151 (අනුරාධපුර අභිමන්සල -1) අමතන්න.  Running sneakers | Nike