Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2019 09:28:21 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම යාමට නියමිත ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුතුමන්ට සිය සුභපැතුම් එක්කරයි

නුදුරේදී විශ්‍රාම දිවියට පිවිසීමට නියමිත ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කරන ලද ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී එතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදු කල විශිෂ්ඨ සහ නිකැලැල් සේවය අගයමින් ඉදිරි අනාගතය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභපැතුම් පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරි අතර යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුවේදී, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුලදී සහ ඉන් පරිභාහිරව සිදුවූ අමතක නොවන මතක සටහන් මෙන්ම එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳව ද අදහස් හුවමාරු කරගනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ගේ ආදර්ශමත් සේවය ඇගයූමට ලක් කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රධානය කරනු ලැබීය.

මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තනතුරට පත්වීමට පෙර, මහනුවර ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපති, ආධුනිකයින් බඳවා ගැනීම් අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවන ලදී. Nike Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp