Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 22:30:32 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය සුබ පැතුම් පිරිනමයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (18) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාකාරී ආරම්භ කරනු ලැබු මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වෙත සිය සුබ පැතුම් එක් කළේය.

දෙදෙනා අතර පැවති සාකච්ඡාව අතරතුර, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුබ පැතූම් පිරිනැමීය. එහිදි යුද හමුදා මූලස්ථානයේ සොල්දාදුවන්ගේ නවාතැන් පහසුකම්, සුභසාධනය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය හා සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරමින් ඊට අවශ්‍ය පරිපාලන කටයුතු කඩිනම් සිදු කිරීමට පියවර ගන්නා ලෙසට යුද්ධ හමුදාධිපතිතුමන් නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි දැනුවත් කළේය.

තවද, යුද්ධ හමුදාධිපතිතුමන් නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත දන්වා සිටියේ සිය රාජකාරි වපසරිය තුළ යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහී අවශ්‍යතාවයන් සම ලෙස සොයාබලා කටයුතු කරන ලෙසය.

ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත රටේ සංවර්ධන හා සමෘද්ධිය උදෙසා සිදු කරනු ලබන ව්‍යාපෘතීන් වෙනුවෙන් අනාගතයේ දී සක්‍රීයව දායක වීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් යුද්ධ හමුදාවේ සියලු නිලයන්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම නිලධාරීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවරයන් ගනිමින් වෛරසය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව මාණ්ඩලික ප්‍රධානි වෙත උපදෙස් ලබාදුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ මග පෙන්වීම පිළිබඳව සිය කෘතඥතාවය පළ කළ මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර යුද්ධ හමුදාවේ සියලුම නිලතලවල යහපත උදෙසා එම ඉලක්ක හා අපේක්ෂාවන් ඉටුකිරීමට උපරිමයෙන් කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රකාශ කළේය.

මෙම හමුව අවසානයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත පත්වීම් ලිපිය සහ සමරු තිළිණයක් පළිගන්වමින් එම අවස්ථාව සංකේතවත් කළේය. short url link | Jordan Ανδρικά • Summer SALE έως -50%