Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2019 17:00:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව අග්‍රාමාත්‍ය තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ආග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (29) දින සන්ධ්‍යාවේ ප්‍රථමවරට හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රථමයෙන් නව අග්‍රාමාත්‍ය තුමන්ට සිය සුබපැතුම් පිරිනැමීය. ඉන් අනතුරුව, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම යනාදී පොදු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂයෙන් සකස් කරන ලද සිහිවටනයක් අග්‍රාමාත්‍යතුමන් වෙත ප්‍රදානය කරන ලදී. affiliate tracking url | nike air max 95 obsidian university blue book list