Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2021 07:25:02 Hours

යුද්ධ හමුදාධිපති කූරගල ලෙන් විහාරයේ සංචාරයක

දිගු කාලයක් පුරාවට විවිධ ජනකොටස් අතර කතාබහට ලක්ව ඇති බලංගොඩ පූරගල රජමහා විහාරය හෙවත් කූරගල ලෙන් විහාරය නව මුහුණුවරකින් යලි ගොඩනැඟීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා එම විහාරස්ථානයේ සංචාරයක නිරත වූයේය. විවිධ ජන කොටස්වල අවධානය යොමුවී ඇති මෙම විහාරස්ථානය සහ එම ස්ථානය සෑම ජන කොටසකගේම දායකත්වය ඇතිව බෞද්ධ විහාරස්ථානයක් වශයෙන් ප්‍රතිසංස්කරණය කොට ජාතික සමගිය, සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව, මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකිරීමට යුද්ධ හමුදාව භාරගන්නා ලදී.         

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති සහ කූරගල ආරන්‍ය සේනාසනයේ භාරකාර පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදීමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලබයි.

ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් ඇති මෙම විහාරස්ථානය තුන්වන සියවසය සහ පළවන සියවසයේදී බෞද්ධ ආරාමයක් ලෙස භික්‍ෂුන් වහන්සේලා වැඩසිටි පූජනීය ස්ථානයකි. එම විහාරස්ථානයේ දැනට සිදු වී ඇති සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලූ යුද්ධ හමුදාධිපතිතුමන් එම ලෙනේ ඉහළට ගොස් සිදුකෙරමින් පවතින ‘ආකාස චෛත්‍ය’ නම් දැගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සියැසින් දැක බලාගත්තේය.

ඉන් අනතුරුව, එම විහාරස්ථානයේදී බලංගොඩ තන්ජන්තැන්න විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය සමඟින් බෞද්ධ, ඉස්ලාම්, කතෝලික සහ හින්දු සිසු දරු දැරියන් හමුවූ යුද්ධ හමුදාධිපතිතුමන් සිසු සිසුවියන් 240 දෙනෙකුට පාසල් පොත්, පාසල් බෑග් සහ අධ්‍යාපනික උපකරණ රැසක් බෙදාදෙන ලදී.      

මෙම අවස්ථාවේදී පාසල් සිසු සිසුවියන් විසින් සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කළ අතර එක් මුස්ලිම් සිසුවියක් විසින් ඇයගේ පාසල් මිතුරු මිතුරියන් සහ සම්භාවනීය පිරිස ඉදිරිපිට බෞද්ධ ගීතයක් ගායනා කිරීම මෙම උත්සවයේ සුවිශේෂී අංගයක් විය.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලුදෙනාට සුභපැතුම් එක්කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන් විදුහලේ ක්‍රීඩා කටයුතු සඳහා මුදල් පරිත්‍යාගයක් ද එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් වෙත පරිත්‍යාග කරන ලදී. එමෙන්ම, විද්‍යාලයේ ක්‍රීඩාපිටිය යුද්ධ හමුදාව විසින් සති කිහිපයක් තුලදී ඉදිකරදෙන බව ද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට විහාරස්ථාන භාර පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමියන් ඇතුළු බෞද්ධ භික්‍ෂුන් වහස්සේලා කිහිපනමකුත්, යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බැතිමතුන්, ගම්වාසීන් සහ විහාරස්ථානය වෙත සපැමිණි පිරිස ද මෙම අවස්ථාවට සහභාගී වූහ. jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ