Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2021 05:45:32 Hours

යුද්ධ හමුදා සොල්දාදුවන්ට ගුණාත්මකභාවයෙන් යුත් නැවුම් ආහාර - යුද්ධ හමුදාධිපති හා ආහාර සැපයුම්කරුවන් අතර සාකච්ඡාවක්

යුද්ධ හමුදාවට නැවුම් ආහාර (අමු සලාක) සහ වියළි සලාක සපයන සැපයුම්කරුවන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියත් සමඟ පැනවූ හදිසි ඇඳිරි නීතිය සහ ප්‍රදේශ හුදකලා කිරීම යන අභියෝග මධ්‍යයේ යුද්ධ හමුදාවට මෙන්ම දිවයින පුරා පිහිටි යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත අඛණ්ඩව නැවුම් ආහාර (අමු සලාක) සහ වියළි සලාක සැපයීම පිළිබඳව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සැපයුම්කරුවන්ට මෙහිදි ස්තූතිය පුද කළේය.

යුද්ධ හමුදා සොල්දාදුවන්ට ගුණාත්මකභාවයෙන් යුත් නැවුම් ආහාර ලබාදීම සිය වගකීමක් බව යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී විශේෂයෙන් සිහිපත් කළේය. එසේම, කොවිඩ්-19 වෛරසය ව්‍යාපෘතිය වැළැක්වීම, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය සහ වෙනත් මානුෂීය සේවාවන් සඳහා පැය 24 පුරාම අසීමිත කැපකිරීමක් සිදුකරන අපගේ සොල්දාදුවන් පිළිබඳ සැපයුම්කරුවන් වශයෙන් ඔබ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරන අතර, 2021 වර්ෂයේදී, ප්‍රමිතියෙන් උසස් ගුණාත්මකභාවයෙන් යුතු නැවුම් ආහාර ලබාදෙමින් සැපයුම්කරුවන්ගේ සේවය වඩාත් ඵලදායි ලෙස ඉටුකරනු ඇති බවත් එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සැපයීම් ගබඩාවන්හි මාසික ස්ථිර තොගයක් සහ දෛනික පරිභෝජනයට අවැසි වියළි සලාක තොගයක් පවත්වා ගෙන යාම සඳහා ඉල්ලුම් කරනු ලබන වියළි සලාක ද්‍රව්‍යන් නියමිත ප්‍රමිතියෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතුව සැපයුම් කළ යුතු බවත් යුද්ධ හමුදාවට පමණක් ආවේනික නොවන වෙළදපොලෙහි පවතින වියළි සලාක දක්වා ඇති පිරිවිතරයන්ගෙන් ලබාදීමට කටයුතු කළ යුතු බවත් යුද්ධ හමුදාව තුළ අනුමත සලාක වට්ටෝරුවට අනුව ඉල්ලුම් කරන අමු සලාක ද්‍රව්‍ය අනුමත ආදේශක සීමාව නොඉක්මවන පරිදි සලාක වට්ටෝරුවට ගැලපෙන පරිදි සැපයීය යුුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් හිරොෂන් වනිගසේකර, යුද්ධ හමුදාවට වියළි හා නැවුම් සලාක සැපයුම්කරුවන් 14 දෙනෙකු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සියලුම අණදෙන නිලධරීන් සහ ස්වාධීන සැපයුම් ගබඩාවේ සේනාවිධායක සහභාගි වූහ. Sneakers Store | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ