Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2019 21:05:27 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ශ්‍රී මුතූ මාරී අම්මාන් කෝවිල් පූජාවට පැමිණි බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරයි

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ 17 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ සාමාජිකයින් සමඟ එක්ව මැයි මස 17 සහ 18 දිනයන්හි වන්නිවිලනිකුලම් ශ්‍රී මුතූ මාරී අම්මාන් කොවිලේ වාර්ෂික පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ලබාදෙන ලදී. කෝවිල් කමිටුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව රටේ පවතින වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් කෝවිල් පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාව ලබාදී ඇත.

කෝවිල් පූජාව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම ආරක්‍ෂක පියවරයන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්. කුමාරප්පෙරුම ගේ සම්බන්ධිකරණයෙන් 653 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.

බැතිමතුන් 2000 කට අධික පිරිසක් සහභාගි වූ මෙම ආගමික වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා ගෙන තිබු ආරක්‍ෂක පියවරයන් පිළිබඳ කෝවිලේ ප්‍රධාන පූජකතුමන්, කුරුක්කල්වරුන් සහ බැතිමතුන් යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාව පළ කර සිටියහ. Running sports | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify