Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2021 11:43:14 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 19 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න අද (18) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැති කෙටි උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මීට ප්‍රථම, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ එම ධූරය හෙබවිය.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව ජනමාධ්‍ය අධ්‍යක්‍ෂතුමන් සුබ මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරීන් භාරගත්තේය. මෙම අවස්ථාවට වැඩමවා වඳාළ මහාසංඝරත්නය කෙටි අනුශාසනාවක් සිදුකර නව පත්වීම් ලැබු බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න වෙත ආශිර්වාද එක් කළහ. ඉන් අනතුරුව මහා සංඝරත්නය වෙත ‘පිරිකර’ පූජාකිරිම සහ සමූහ ඡායාරූප සඳහා පෙනී සිටීමෙන් පසු කෙටි උත්සවය අවසන් විය.

මෙම අවස්ථාවට හිටපු ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා, කර්නල් ජනමාධ්‍ය කර්නල් විජිත හෙට්ටිආරච්චි, කර්නල් ජනමාධ්‍ය අතිරේක කර්නල් විශ්වජිත් විද්‍යානන්ද, කර්නල් නීති කර්නල් බුද්ධිකා ෆඩිනෑන්ඩ්ස්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

නව ධුරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 551 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරී ඉටු කළේය.

මහනුවර දී උපත ලැබු බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න වර්ෂ 1990 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදි වර්ෂ 1992 දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්විය. පසුව, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි අධ්‍යන පාසල වෙතින් ආරක්‍ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත් හෙතෙම යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයට අනුබද්ධව කැලණිය විශ්වවිද්‍යාලය වෙතින් පිරිනමන ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ උපාධිය (M.Def.S) ද ලබා ඇත. තවද එතුමන් හදාරා ඇති පාඨමාල අතර, ඉන්දියාවේ කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව සහ පකිස්තානයේ කාලතුවක්කු උසස් නිලධාරී පාඨමාලාව ද ඇතුළත් වේ.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළදී, 6 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බතරොයිය අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී උපදේශක, 211 වන බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන අංශයේ ශිෂ්‍ය අධීක්‍ෂණ මාණ්ඩලික නිලධාරී, 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මුලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (මෙහෙයුම්), යුද සේවා සහකාර (2011 – 2013), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ලේකම් (2013 – 2014), 16 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී අංශයේ අණදෙන නිලධාරී යන ප්‍රධාන තනතුරු හොබවා ඇත. තවද, එතුමන් වර්ෂ 2008 සිට 2009 දක්වා බටහිර සහරාහි එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ හමුදා නිරීක්‍ෂකයෙකු ලෙස සේවය කර ඇත.

යුද්ධ හමුදා දිවිය තුලදී රණ ශූර පදක්කම (RSP) සහ උත්තම සේවා පදක්කම (USP) ඇතුළු පදක්කම් රැසකින් පිදුම් ලබා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ‘The Impact of Changing External Conditions on Counter Insurgency: The Sri Lankan Experience’ යන ග්‍රන්ථයේ කතුවරයා ද වේ. jordan release date | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth