Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2021 16:55:55 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු අද (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නිල ලේඛණයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරය හෙබවූ මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එම ධූරයට පත්විය.

මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.

නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලි රාජකාරි භාරගැනීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. Sport media | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf