Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 06:11:44 Hours

යුද්ධ හමුදා භටපිරිස් පානීය ජල ළිඳක් පිරිසිදු කරති

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි මන්නන්කඩාල් රජයේ මිශ්‍ර දමිළ පාසලේ ඉල්ලීමකට අනුව එම පාසල් පරිශ්‍රයේ ඇති පානීය ජල ළිඳ පසුගිය අඟහරුවාදා (06) දින පිරිසිදු කරනු ලැබූහ.  

විවිධ දූෂක සහ වියළි කොළ වලින් පිරී තිබූ මෙම ළිඳේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා එම පාසල් බලධාරින් යුද්ධ හමුදා සහය ඉල්ලා සිටිහය. මෙම ළිඳ පිරිසිදු කිරීමෙන් පසුව එම පාසලේ සිසු සිසුවියන්ට කිසිදු අපහසුතාවයකින් තොරව පානීය ජලය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සිදුකරනු ලැබූහ. bridge media | Nike for Men