Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2020 17:43:59 Hours

යුද්ධ හමුදා භටපිරිස් දිවයින පූරා පාසල්වල අළුත්වැඩියා හා ඉදිකිරීම් කටයුතුවල නිරත වෙති

අතිගරු ජනාධිපතිතුමන් මෑතකාලයේ සිදු කළ සංචාරයන් අතරතුර විවිධ පුද්ගලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රශ්න එතුමන් සමඟ සාකච්ඡා කළ අතර, එහිදි පාසැල් ක්‍රීඩාපිටි, ක්‍රීඩාංගණ, මහාමාර්ග, ගොඩනැගිලි ආදිය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඍජු මැදිහත්වීමක් සිදු කරන ලෙස එතුමන්ගෙන් ඉල්ලා සිටියේය.

යුද්ධ හමුදාව සතු හැකියාව මත පූර්ණ විශ්වාසය තබමින් අතිගරු ජනාධිපතිතුමන් එම අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීමේ වගකීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදුන්නේය.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ඉංජිනේරු සේවා බළකාය, 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 වන ගැමුණු හේවා බළකාය පසුගිය දින කිහිපය තුළ පාසල් සහ මාර්ග මෙන්ම විවිධ ස්ථාන වල නොයෙකුත් සංවර්ධන කටයුතු අරමුණු කරගත් ප්‍රජා ව්‍යාපෘතීන් රැසක් දියත් කරමින් සිටියි.

තවද, තණමල්විල ජාතික පාසලේ සිසුන් හා ගුරුවරුන් පිරිසක් විසින් ඔවුන්ගේ විද්‍යාලයට ඇතුළු වන මාර්ගයේ සිදුව ඇති අබලන් තත්ත්වය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන් වෙත දැනුම් දීමෙන් අනතුරුව 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ඉංජිනේරු සේවා බළකාය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසලේ සාමාජිකයින් 60 දෙනෙකු එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එක්වූහ. ඊට අමතරව, පාසල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි තණමල්විල ජාතික පාසල් ශ්‍රවණාගාරයේ අළුත්වැඩියා කටයුතු 10 වන ඉංජිනේරු සේවා බළකා භටපිරිස් විසින් මේ දිනවල සිදුකරනු ලබයි.

එමෙන්ම, තවත් යුද්ධ හමුදා භටපිරිස් කණ්ඩායමක් වෙත ලැබුණු උපදෙස් වලට අනුව මීටර් 350 ක දිගකින් යුත් වැව් බැම්මක් සහිත දෙමටපඳුර වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව, 15 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සාමාජිකයින් විසින් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටියි. අක්කර 7 ක් පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පිහිටි මෙම වැව මගින් අවට අක්කර 35 කට ආසන්න ප්‍රමාණයක ජීවත් වන වැසියන් තම ජල අවශ්‍යතාවයන් සපුරාගනු ලබයි.

තවද, 121 බලසේනාව යටතේ ස්ථාපිත 18 වන ගැමුණු හේවා බළකායේ සහ ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් මොණරාගල මඩුල්ල මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

එමෙන්ම, 12 වන සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් වෙත යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් ලබාදුන් උපදෙස් මත ඉකුත් ඉරිදා (02) දින මිද්දෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ පියස්ස අලුත්වැඩියා කිරිමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

ඊට අමතරව, 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සහ 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ භටපිරිස් මේ වනවිට අයගම - කලවාන මාර්ගය සහ නෙළුව - ලංකාගම මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටින අතර, එම මාර්ගයන්හී මීටර් 150 ක දුරක් පිරිසිදු කර මාර්ගය දෙපස අවශ්‍ය ස්ථානවල පස් පුරවමින් මාර්ගයේ ඉදිකිරිම් කටයුතුවල නියැළි සිටියි. මේ අතර, 5 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් මේ වනවිට කොලවේණිගම සිට ලංක‍ාගම දක්වා මාර්ගය දෙපස පුළුල් කිරීම, මාර්ගය දෙපස පිරිසිදු කිරීම සහ පස් පිරවීම් ආදි ඇතුළු අළුත්වැඩියා කටයුතුවල අඛණ්ඩව නිරතව සිටිති. ඒ අනුව, අද අඟහරුවාදා (4) දින වනවිට එම මාර්ගයේ මීටර් 40 ක පමණ දුරක් පස් පුරවා සකස් කර ඇත.

මෙයට පෙර අවස්ථාවකදී, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් නියෝගයට ප්‍රතිචාර දක්වමින් 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ, 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ සහ 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බළකායේ භටපිරිස් හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, ඉදිරියේදී ක්‍රීඩාපිටිය සහ පාසල අතර ගුවන් පාලමක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.

මේ අතර, 2020 ජූලි මස 19 දින ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ දැරණියගල සිරි සමන් ජාතික පාසලේ ක්‍රීඩාපිටියේ අළුත්වැඩියා කටයුතු අවසන් කර අඟහරුවාදා (4) දින නිල වශයෙන් එම පාසල වෙත භාරදී තිබිණි.

යුද්ධ හමුදාවේ දායකත්වය ඇතිව සිදුකරනු ලබන තවත් දැවැන්ත ව්‍යාපෘතියක් වශයෙන් 11 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ භටපිරිස් මේ වනවිට දුම්මලසූරිය ජෙ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ නව ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය මේ වනවිටත් ඉදිකරමින් පවතී. ඒ අනුව, අඟහරුවාදා (4) දින උදෑසන වනවිට මෙම විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු වලින් 80% කට වැඩි ප්‍රමාණයක් අවසන් කර තිබිණි. best Running shoes brand | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth