Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 17:45:46 Hours

යුද්ධ හමුදා භටපිරිස් තලංගම ප්‍රදේශයේ සිදුකළ මුදවාගැනීමේ මෙහෙයුමකදී පුද්ගලයින් දෙනෙනෙකු ගේ දිවි බෙරාගනි

තලංගම පොලිසිය විසින් එම ප්‍රදේශයේ පස් කන්දකට පුදගලයන් දෙදෙනෙකු යටවී සිටින බව දැනුම් දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය යටතේ ඇති 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් ඔවුන්ගේ දිවි බේරාගැනිමට සමත් වූහ.

සිද්ධිය සැල වූ විගස ක්‍රියාත්මක වූ නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු කණ්ඩායම අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණ මුදවා ගැනීමේ කටයුතු ආරම්භ කළ අතර, ඒ වනවිටත් සිවිල් වැසියන් විසින් එක් පුද්ගලයෙකුගේ දිවි බේරාගෙන තිබුණි. අනෙක් පුද්ගලයා පසුගිය දිනවල ඇදහැළුණු තද වැසි හේතුවෙන් පස තුළ සිරවී සිටියේය.

යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මහත් පරිශ්‍රමයක් දරා පස් කන්දට යටවී සිටි පුද්ගලයාගේ දිවි බේරා ගැනීමට සමත් වූ අතර, අනතුරුව තංලගම පොලිසීය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ප්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහල වෙත පිටත් කර හැරීමට පියවර ගත්හ. ‍

උදේෂ් ගැමුණු කුමාර සහ හෙරල්ඩ් ජූඩ් සෙබස්තියන් යන පුද්ගලයින් දෙදෙනා කිසියම් ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටියදී මෙම අනපේක්ෂිත සිද්ධියට මුහුණ දී ඇත.

නිලධාරීන් 4 දෙනෙකු සහ යුද්ධ හමුදා භටයින් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් තම ජීවින අවධානම ගැන නොසිතා සිදු කළ මෙම මෙහෙයුම වෙනුවෙන් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රංජන් ළමාහේවා ඔවුන්ට ප්‍රශංසා කළේය. Running Sneakers Store | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet