Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා භට පිරිස් දියතලාව ප්‍රදේශයේ ‘ශ්‍රමදාන’ ව්‍යාපාරයක

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් දියතලාව නගරය අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් අඟහරුවාදා (12) දින දියත් කරනු ලැබීය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරිණි.

මෙම ශ්‍රමදාන ව්‍යාපාරයට සහාය පල කරමින් හපුතලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය විසින් කණු කසල ඉවත් කිරීම සඳහා ටැක්ටර් රථ දෙකක් ද ලබාදෙන ලදි.

මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 10 දෙනෙකු ඇතුළුව යුද්ධ සාමාජිකයින් 200 කට වැඩිපිරිසක් සහභාගි විය.

Sportswear Design | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify