Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th January 2020 20:31:06 Hours

යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ඩැහැගනිති

රාජකීය මාස් විද්‍යාල බොක්සිං අංගනයේදී අද (24) දින පැවති ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2019’ හි ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම සමත්විය.

මෙම තරඟාවලිය ජනවාරි මස 21 සිට 24 දින දක්වා දිවයින පුරා ප්‍රමුඛ පෙළේ බොක්සිං ක්‍රීඩා සමාජයන්හී සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී, යුද්ධ හමුදා බොක්සිං කණ්ඩායම අපරාජිත ලෙස රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 01 ක් හා ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත් වූහ.

මේ අතර, යුද්ධ හමුදා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් ද ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගැනීමට සමත් වූවෝය.

මෙම තරඟාවලියේදී, 01 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්.ඒ.ආර් සඳකැළුම් වසරේ විශිෂ්ටතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙහිදී, අපරාජිත ලෙස ජය ලැබීම යනු යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් වර්ෂ 2019 දී ශ්‍රී ලංකාවේ දී පැවති ප්‍රධාන තරඟාවලි 03 වන ලේටන්, ක්ලිෆර්ඩ් හා ජාතික ශූරතාවය යන තරඟාවලි ජයග්‍රහණය කිරීමය. Nike air jordan Sneakers | nike air max 95 obsidian university blue book list