Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් තායිලන්තයේ දී දක්ෂතා දක්වයි

රටවල් කිහිපයක් නියෝජනය කරමින් 300 කට අධික කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වු තායිලන්තයේ පැවති ‘ජාත්‍යන්තර උතුරු බැංකොක් විශ්ව විද්‍යාලීය ජූඩෝ ශුරතාවලිය - 2017’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රීඩකයින් 8 දෙනෙකු ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟ සහභාගි විය.

මෙම තරඟාවලියේ දී පහත සදහන් යුද්ධ හමුදා ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනු ලැබීය.

ලාන්ස් කෝප්‍රල් එස්.ඒ.එන්.අයි බණ්ඩාර - 9 විජයබාහු පාබල රෙජිමේන්තුව - රිදී පදක්කම (කිලෝ ග්‍රෑම් 100 ට පහළ බර පන්තිය)

ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එම්.බී. සෙනෙවිරත්න - 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 55 ට පහළ බර පන්තිය)

සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්.පි ප්‍රේමරත්න - 4 වන ජාතික ආරක්ෂක බළමුළුව - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 60 ට පහළ බර පන්තිය)

සාමාන්‍ය සෙබල එම්.එම්.එස් කුමාර - 11 වන ජාතික ආරක්ෂක බළමුළුව - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 66 ට පහළ බර පන්තිය)

සාමාන්‍ය සෙබල ඊ.එම්.ටි.ආර් ඒකනායක - 6 වන ගජබා රෙජිමේන්තුව - ලෝකඩ පදක්කම (කිලෝ ග්‍රෑම් 70 ට පහළ බර පන්තිය)

Nike sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals