Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2020 16:16:28 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් දුම්මලසුරිය විද්‍යාලයේ සංවර්ධන කටයුතු අරඹයි

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් ඉකුත් අඟහරුවාදා (28) දින දුම්මලසූරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහ විද්‍යාලයේ ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ඒ අනුව, 11 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් ක්‍රීඩාපිටියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථම පඩිපෙළ අලුත්වැඩියා කිරීම භටපිරිස් මේ වනවිටත් ඉතා සාර්ථක අයුරින් සිදුකරනු ලබයි.

එමෙන්ම, 6 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 12 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ දැරණියගල සිරිසමන් ජාතික පාසලේ ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතින් ද කඩිනමින් ආරම්භ කර තිබිණි. latest jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ