Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2019 11:38:28 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ලුතිනන් අජන්ත මෙන්ඩිස් පැසසුමට ලක්වෙයි

යුද්ධ හමුදාවෙන් බිහිවූ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස වසර 15 කට වැඩි කාලයක් යුද්ධ හමුදා ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පන්දු යැවීමේ අති දක්‍ෂයෙකු වන ලුතිනන් අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරන අවසන් තරඟය ලෙස යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඉකුත් අඟහරුවාදා (03) දින සන්ධ්‍යාවේ පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ආරාධනයකට අනුව, අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා තරඟවැදුණු අතර කෙසේ වෙතත්, අවසානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම කඩුලු 4 ක් දැවි ලකුණු 189 ක් ලබාගනිමින් තරඟාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්විය.

අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තරගය අවසානයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මද වැසි මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායමේ ලුතිනන් අජන්තා මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වය ප්‍රශංසාවට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

අවසන් තරඟය නැරඹීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ඇතුළු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

මෙම අවස්ථාවට වැදගත්කමක් එක් කරමින්, ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා ලුතිනන් අජන්ත මෙන්ඩිස් ක්‍රීඩා කරන අවසන් තරඟය නැරඹීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන රංගන හේරත්, තිලකරත්න දිල්ෂාන්, දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වූහ. affiliate tracking url | New Jordans – Air Jordan 2021 Release Dates , Gov