Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද හමුදාවේ සම්බන්ධිකරණයෙන් මල්වතු විහාර සංවර්ධන පදනම අරලගන්විලටත්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන්, මහනුවර, මල්වතු මහා විහාරයේ ‘Be a Refuge Unto Other’ තේමා කර ගත් සුසරණ ලංකා සංවර්ධන පදනමේ සමාජ සේවකයින් කණ්ඩායමක් පසුගිය දා අරලගන්විල ප්‍රදේශයට පැමිණ, එහිදි සුබසාධන ව්‍යාපෘති කිහිපයක් සිදුකරනු ලැබිය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ පරිත්‍යාගශිලින්ගේ සම්බන්ධිකරණයෙන් පැවති මෙහි පළමු ව්‍යාපෘතිය ලෙස පුද්ගලයින්ගේ මානසික සතුට සඳහා භෞතික යහපැවැත්ම වර්ධනය කිරිමේ අරමුණින් ජංගම වෛද්‍ය සායනයක් අරලගන්විල, විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් දිනක් පූරාවට පැවැත් වූ මෙම සෞඛ්‍ය සායනයෙන් චර්ම, දන්ත, උගුර, කණ හා නාසය සහ වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් 200 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

එමෙන්ම, එම විද්‍යාලයේදීම සංවිධායකයින් විසින් රුපියල් මිලියන දෙකක වටිනාකමකින් යුත් වියළි සලාක, පාසල් උපකරණ, ගෘහභාණ්ඩ, ලෝහ භාණ්ඩ, ජල බඳුන්, ජල ටැංකි, කබඩ් සහ ශිෂ්‍යත්ව ද විහාරස්ථාන, පෙර පාසල්, සිසුන් සහ ප්‍රදේශවාසීන් වෙත බෙදාදෙන ලදි.

සුසරණ ලංකා සංවර්ධන පදනමේ සභාපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරත්න ස්වාමින් වහන්සේ, වෛද්‍ය සමන් වලිසිංහ, වෛද්‍ය ලලිත් රාජපක්ෂ, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 23 වන සේනාංකයේ සේනාංකාධිපති, 231 බලසේනාවේ බලසේනාධිපති සහ සුසරණ ලංකා සංවර්ධන පදනමේ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

affiliate link trace | Women's Designer Sneakers - Luxury Shopping