Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2022 17:30:00 Hours

යුද හමුදා පුහුණු පාසල මාදුරුඔය පැවති ප්‍රතිත්‍රස්ත යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 30 සාර්ථකව අවසන්

යුද හමුදා පුහුණු පාසල - මාදුරුඔය තුළ මාස 03 ක කාලයක් පැවති ‘ප්‍රතිත්‍රස්ත යුද උපක්‍රම හා කැලෑබද සටන් පුහුණු පාඨමාලා අංක 30’ සඳහා සහභාගී වූ විදේශීය සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් 28 දෙනෙකු සාර්ථකව එම පාඨමාලාව නිමකරනු ලැබූහ.

යුද හමුදා පුහුණු පාසල - මාදුරුඔය පාසල් පරිශ්‍රයේදි පසුගිය සඳුදා (1) දින පැවති මෙම සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා පුහුණු පාසලේ වැඩබලන සේනාවිධායක කර්නල් කුමාර රණතුංග විසින් පාඨමාලාව සඳහා සහභාගී වූ නිලධාරින් 28 දෙනා වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ නිලධාරීන් 28 දෙනා අතර බංගලාදේශ යුද්ධ හමුදා නිලධාරීන් 2 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 2 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 2 දෙනෙක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 කට අධික ප්‍රමාණයක නිලධාරින් ද එක්වූහ. මෙම පාඨමාලාවේ විෂය මාලාවට ප්‍රති-ත්‍රස්ත ක්‍රියාන්විත, අභ්‍යන්තර ආරක්‍ෂාව, කැරලි මර්ධනය පිළිබඳ වන මූලධර්ම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අන්තර්ගත විය.

පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කපිතන් එච්.ජී.ආර්.ඩී. විජේවර්ධන සමත්විය.