Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2021 10:57:20 Hours

යාපනයේ භටපිරිස් උඩුවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙති

යාපනය අර්ධද්වීපයේ තවත් සමාජ සත්කාර ව්‍යාපෘතියක් ආරම්භ කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා භටපිරිස් පරිත්‍යාගශීලියෙකු වන කුමාර වීරසූරිය මහතා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසකගේ ආධාර උපකාර ඇතිව උඩුවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදෙනු ලැබූහ.

දේශී ඉන්ද්‍රා රතීෂ් මහත්මිය සිය පවුලේ අයවළුන් සමඟ උඩුවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටින බව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වෙත සැලවීමෙන් අනතුරුව එතුමන්ගේ උපදෙස් මත 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 511 වන බලසේනාව යටතේ යටතේ ඇති 9 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිස් විසින් නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය. මෙම මානූෂීය ව්‍යාපෘතිය අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ උපදෙස් ඇතිව දියත් කරනු ලැබිණි.

බ්‍රහස්පතින්දා (14) දිනට යෙදි තිබු ‘තායිපොංගල්’ දිනයට සමගාමීව, හින්දු චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී නව නිවස නිවෙස් හිමියා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර නිවෙස් හිමියා වෙත ගෘහ උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද ප්‍රධානය කළේය.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 511, 512, 513 සහ 515 යන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, භටපිරිස් සහ පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. Nike air jordan Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth