Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2019 22:00:34 Hours

යාපනය යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් දුප්පත් ජනතාව වෙත රෝදපුටු සහ ඇස් කණ්නාඩි පරිත්‍යාග කොට කෝවිලක් ද ප්‍රතිසංස්කරණය කරදෙයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව ජීවන් ප්‍රසාද් ලියනගේ මහතා විසින් සංවිධානය කරනු ලැබූ කෙටි උත්සවයකදී ඕස්ට්‍රේලියාවේ පදිංචි යුවලකගේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල්වල කායික ආබාධ සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා රෝදපුටු 20 ක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම රෝද පුටු පරිත්‍යාග කිරීමේ උත්සවය ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලි ඇන්ට්‍රාස් සහාරියා මහතා සහ එම මහත්මිය මෙන්ම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීන් සමඟ එක්ව සිදුකල සමීක්‍ෂණයකින් අනතුරුව මෙම රෝදපුටුලාභීන් තෝරාගනු ලැබීණි. එසේම, මෙම රෝදපුටු පරිත්‍යාග කිරීමේ උත්සවය පැවැත්වීමට ප්‍රථම ඒ සඳහා සහභාගී වන ආබාධිත පුද්ගලයින් හට එම ස්ථානයට පැමිණිමට අවශ්‍ය ප්‍රවාහන පහසකම් ද යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම උත්සවය අතරතුරදී, පසුගිය සිකුරාදා (17) දින පරික්‍ෂා කිරීමකින් තෝරාගත් සිවිල් වැසියන් 75 දෙනෙකු වෙත කර්නල් රුවන් හේරත් ගේ අනුග්‍රහය ඇතිව ඇස් කණ්නාඩි පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම, එළඹෙන රණවිරු දිනයට සමගාමීව, යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද තෝල්පුරාම්, පට්ටානි වෛරාවර් කෝවිල (හින්දු කෝවිල) මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි විසින් හින්දු පූජකවරුන් වෙත නිල වශයෙන් භාරදෙනු ලදී. url clone | NIKE