Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st January 2020 13:25:57 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති 51වන සේනාංකය, 52 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපති බලසේනා මුලස්ථානයන්හි නිල සංචාරයක

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සිකුරාදා (24) දින 51වන සේනාංකය, 52 වන සේනාංකය සහ ඒ යටතේ ස්ථාපති බලසේනා මුලස්ථානයන්හි නිල සංචාරයක නිරතවිය.

52 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන්ව එම සේනාංකයේ සේනාංකාධිපති විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් ආඥපතිතුමන්ව දැනුවත් කළේය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් 52 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් සහ මාණ්ඩලික නිලධාරීන් අමතනු ලැබීය.

පසුව, ආඥාපතිතුමන් 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 521, 523 සහ 522 වන බලසේනා මුලස්ථානයන්හි සංචාරය කළහ. එහිදී, බලසේනාධිපතිවරුන් බලසේනාවන්හි කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් ආඥපතිතුමන්ව දැනුවත් කළහ. මෙම සංචාර අතරතුරදී, ආඥාපතිතුමන් බලසේනාවන්හි භටපිරිස් ද අමතනු ලැබීය.

එමෙන්ම, මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ඉකුත් සෙනසුරාදා (25) දින 51 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා මුලස්ථානයන්හි සංචාරය කළහ.

51 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන්ව එම සේනාංකයේ සේනාංකාධිපති විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් ආඥපතිතුමන්ව දැනුවත් කළේය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් 51 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් සහ මාණ්ඩලික නිලධාරීන් අමතනු ලැබීය.

පසුව, ආඥාපතිතුමන් 51 වන සේනාංකය යටතේ ස්ථාපිත 512 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එහි කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ දැනුවත් වූ අතර බලසේනා මුලස්ථානයේ භටපිරිස් ද අමතනු ලැබීය. Authentic Nike Sneakers | Nike Shoes