Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2020 17:16:28 Hours

මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක් කෙරේ

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආදර්ශමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස තම මව්බිම වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පැසසුමට ලක් කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (30) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත කැඳවා එතුමන්ගේ වටිනා සේවය සිය ප්‍රසංශාවට ලක් කළේය.

ගැමුණු හේවා රෙජිමේන්තුවෙන් බිහිවූ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා වසර 35 කට නොවැඩි සිය යුද්ධ හමුදා දිවිය තුළ, පැවති මානුෂීය මෙහෙයුම්හිදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් දේශයට සාමය උදාකරලීම උදෙසා සක්‍රියව දායකත්වය සැපයු ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකි.

මෙම සුහද හමුවේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සමඟ සුහද පිළිසදරක යෙදුණු අතර එහිදී, අතීත යුද ජයග්‍රහණ හා අත්දැකීම් පිළිබඳව ද මතකයන් ආවර්ජනය කළේය.

ශ්‍රී ලංකා ගැමුණු හේවා බලකායට සහ පොදුවේ යුද්ධ හමුදාවේම ප්‍රවර්ධනය සඳහා යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් දැක්වු දායකත්වය මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයිමට ලක්විය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට සිය කෘතඥතාවය පළ කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන් සිය රාජකාරී ඉටු කිරීමේදී තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය.

මෙම සුහද හමුව අවසානයේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි. latest jordans | Nike Air Max 270