Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th July 2020 17:21:48 Hours

මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමාගේ ඇගයිමට ලක්වෙයි

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවූ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන හිටපු කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පැසසුමට ලක් කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලය වෙත කැඳවා එතුමන්ගේ වටිනා සේවය සිය ප්‍රසංශාවට ලක් කළේය.

මෙම සුහද හමුවේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර එහිදී, අතීත යුද ජයග්‍රහණ හා අත්දැකීම් පිළිබඳව ද මතකයන් ආවර්ජනය කළේය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ පොදුවේ යුද්ධ හමුදාවේම ප්‍රවර්ධනය සඳහා යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් දැක්වු දායකත්වය මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයිමට ලක්විය.

නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට සිය කෘතඥතාවය පල කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන් සිය රාජකාරී ඉටු කිරීමේදී තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේදී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. Running sports | adidas Yeezy Boost 350