Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2021 17:27:34 Hours

මේජර් ජෙනරල් වසන්ත ආබෘ ගේ විශිෂ්ඨ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන හිටපු බටහිර ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් වසන්ත ආබෘ ඉකුත් බදාදා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. මේජර් ජෙනරල් වසන්ත ආබෘ වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගි සේවය අගයමින් මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.

මෙරටට සාමය උදාකරලීම සඳහා වූ මෙහෙයුම් රැසකට සහභාගී වූ මේජර් ජෙනරල් වසන්ත ආබෘ සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන්, වසර 34 කට වැඩි යුද්ධ හමුදා සේවා කාලය තුළ වෘත්තීය කුසලතා දැක්වූ සහ රාජකාරි කාර්යක්‍ෂමව ඉටුකිරීම වෙනුවෙන් මේජර් ජෙනරල් වසන්ත ආබෘ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රණාමය පුද කළේය. වර්ෂ 1986 යුද්ධ හමුදාවට එක්වූ මේජර් ජෙනරල් වසන්ත ආබෘ සිය වෘත්තීය ජීවිතය තුළ වැඩි කාලයක් පාබල හමුදා සෙබළෙකු ලෙස සිදුකළ කාර්යභාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් අගය කළේය.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරය මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ඉතා වගකීමෙන් හා මනා කැපවීමකින් යුතුව ඉටුකිරිම වෙනුවෙන් සහ එතුමන්ගේ ඉදිරි අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය සුභ පැතුම් එක් කළේය.

යුද්ධ හමුදා මූලස්ථානයේ ද ප්‍රධාන තනතුරු රැසක් හොඹවා ඇති, නුදුරේදි විශ්‍රාම යෑමට නියමිත මේජර් ජෙනරල් වසන්ත ආබෘ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කීර්තීමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තමාට ලබාදුන් දිරීගැන්වීම් හා සහය පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සමරුතිළිණක් ද පිරිනැමුවේය. Nike air jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ