Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2019 13:54:22 Hours

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන Dialog GSM පරිත්‍යාග වැඩසටහනේ තෙවන අදියර යටතේ පාසල් පොත් සහ පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ තොගයක් පසුගියදා මූලතිව් ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් වෙත පසුගිය සිකුරාදා (15) දින ඕඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ දී බෙදාදෙන ලදී.

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මෙම පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව මීට ප්‍රථම දියත් කරන ලද පරිත්‍යාග වැඩසටහනේ අදියරයන් දෙකේදීම පාසල් උපකරණ නොලැබූණු පාසල් සිසුන් 170 දෙනෙකු වෙත මෙලෙස පාසල් උපකරණ බෙදාදෙන ලදී. මූලතිව් ප්‍රදේශයේ ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වූ ශිෂ්‍ය ප්‍රජාවට ප්‍රයෝජනවත් වූ මෙම සුභසාධන ව්‍යාපෘතින් පසුගිය මාස කිහිපය තුල කිලිනොච්චි සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන විසින් දියත් කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අධීක්‍ෂණය යටතේ 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩි.සී.කේ. කොස්තා ගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් දියත් කරන ලදී. latest Nike release | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers