Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2021 10:49:33 Hours

"මියගිය අයගෙන් වැඩි දෙනෙක් තවමත් කිසිදු එන්නතක් හෝ ලබා නොගත් පුද්ගලයින් බව" කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කරයි

පවතින කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 13 දින දක්වා දිවයිනපුරා ක්‍රියාත්මක වන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021, සැප්තැම්බර් මස 21 වන දින අළුයම 4.00 දක්වා දීර්ඝ කර ඇති බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී සෞඛ්‍ය අංශ විසින් සක කනරන වාර්තාව අතිගරු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එහි ප්‍රතිඵලවලට අනුව පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් අද (10) දින රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවට සහභාගී වූ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

සාකච්ඡාව ආරම්භයේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ගතවූ දින කිහිපය තුළ රට පුරා ක්‍රියාත්මක කළ කොවිඩ් -19 වෛරසය පාලනය කිරීමේ පියවරයන්වල වර්ධනය පිළිබද සාරාංශක් ඉදිරිපත් කරමින් අඛණ්ඩ එන්නත් කිරීමේ ව්‍යාපෘතිය, වෛරසය පැතිරීමේ තත්ත්වය සහ එය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රතිඵල මෙන්ම ඉදිරියේදී සිදුකළ යුතු කාර්යභාරය පිළිබද අදහස් ප්‍රකාශ කළේය.

තවද, පසුගිය දින කිහිපය තුළ මරණ අනුපාතය පහත වැටීම මෙන්ම ආසාදිතයින් සංඛ්‍යාව පැහැදිලි කළ අතර, මියගිය අයගෙන් වැඩි දෙනෙකු එකදු එන්නතක් හෝ ලබා නොගත් අයවළුන් බවද සඳහන් කළේය. පසුව එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදුකරනමින් පවතින බවත් නිවස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව හා රෝහල් වල ධාරිතාවයද කිසිදු තද බදයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කළමනාකරණ කටයුතු සිදුකර ඇති බවත් සඳන් කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය විශේෂඥයින් සහ ජානධිපති කාර්යය සාධක බලකායේ සාමාජිකයන් පිරිසක් සහභාගී වු අතර, එහිදි රෝහල්වල ධාරිතාවයන්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, පොදු ප්‍රවාහන සේවා, පාසල් නැවත විවෘත කිරීම, පී.සී.ආර්. සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ, විදේශීය රටවලට ඇතුළුවීම සඳහා අවශ්‍ය එන්නත් වර්ග යන ආදිය පිළිබද සාකච්ඡාවට බඳුන් විය.