Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2019 16:18:46 Hours

මාලදිවයින් තානාපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති අතිගරු ඕමර් අබ්දුල් රසාක් මහතා (HE Omer Abdul Razzak) අද (7) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

ඔවුන් දෙදෙනා අතර පැවති මෙම සුහද හමුවේදී, දෙරට අතර පොදු කාරණා මෙන්ම හමුදා ආයතන අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ. යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි මාලදිවයින් තානාපතිතුමන්ගේ සංචාරය අගයනු වස් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එතුමන් හට සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරුතිළිණයක් ප්‍රදානය කළහ. යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි තානාපතිතුමන් නික්මයාමට ප්‍රථම යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය.

යුද්ධ හමුදා මූලස්ථානයෙහි පැවති මෙම හමුව සඳහා මාලදිවයින් තානාපති මෙන්ම ආරක්‍ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් ඉස්මයිල් නසීර් (Lieutenant Commander Ismail Naseer) ද සහභාගී විය. jordan Sneakers | nike air force 1 shadow , eBay