Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2019 15:15:18 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි 34 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල සිය 34 වන සංවත්සරය සඳුදා (14) දින වැඩසටහන් මාලාවක් ද සමගින් අභිමානවත්ව සමරන ලදී.

කඳවුරු පරිශ්‍රයේ දී පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමුහ. අනතුරුව සේනාවිධායකතුමන් පුහුණු පාසලේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතූ අතර කන්දේගම විහාරස්ථානයේ දී පැවැති දානමය පිංකමක් සඳහා ද සහභාගි වූහ. තවද සංවත්සරයට සමගාමීව දිඹුලාගල කන්දේගම මහා විද්‍යාලය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වන ලදී.

එදින පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සංවත්සර සැමරුම් උත්සවය නිමාවට පත්විය. යුද්ධ හමුදා පුහුණු පාසල වර්ෂ 1985 දී ආරම්භ වූ අතර වර්ථමානය වන විට සේනාවිධායකවරුන් 32 ක් අණදී තිබේ. Sports Shoes | nike air force 1 shadow , eBay