Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2019 10:35:46 Hours

මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු සන්නාහ සන්නද්ධ බලකායේ විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සංවත්සර දිනයට සමගාමීව ඉකුත් සිකුරාදා (29) දින කලත්තෑව ප්‍රදේශයේ පිහිටි සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ ස්ථාපිත රණවිරු ස්මාරකය අභියසදී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විරෝදාර රණවිරුවන්ට උපහාර දැක්වීය.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහභාගි වූ අතර ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.  

සැමරුම් උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම, මෙම අවස්ථාවට සපැමිණි කර්නල් සේනාවිධායක තුමන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් තාරක රත්නසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රණවිරු ස්මාරකය අභියසට පැමිණ පුෂ්පෝපහාර පුද කර දිවිපිදු රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කළේය.  

ඉන් අනතුරුව, මෙම සංවේදී මොහොතේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විරෝදාර රණවිරුවන්ට උපහාර පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග එක්ව නිශ්ෂබ්දතාවයක් පවත්වමින් දිවිපිදු රණවිරුවන්ගේ මතකයන් ආවර්ජණය කරන ලදී.

උත්සවය අවසානයේදී, මෙම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව සුහදව අදහස් හුවමාරු කරගත්හ.  

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් 28 දෙනෙකු සහ සෙසුනිළයින් 415 දෙනෙකු 2009 මැයි මාසයට පෙර පැවති මානුෂිය මෙහෙයුම්වලදී මාතෘභූමිය වෙනුවෙන් සිය ජිවිත පරිත්‍යාග කරන ලදී. Sneakers Store | New Releases Nike