Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2019 18:31:55 Hours

මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කරයි

පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙන්ම මුස්ලිම් අන්තවාදයේ නැගිසිටිම පිළිබඳ, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංක මූලස්ථානය විසින් මහජනතාවට පාසල්, සමාගම් සහ විවිධ ආයතන වෙත ආරාධනා කර පොදු ගැටළුව පිළිබඳ දැනුවත් කරන ලදී.

මෙම පළමු දැනුවත් කිරීමේ වැඩසටහන රාජගිරිය ගෙට්වේ ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් සහ සිසුන් වෙත පවත්වන ලදී. මෙහි දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන සපුගස්කන්ද ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව මල්වාන විහරස්ථානයේ දී පවත්වන ලදී. තවත් එවැනිම දැනුවත් කිරීමේ දේශනයක් වැල්ලවත්ත රතු මුස්ලිම් පල්ලියේ දී මුස්ලිම් ප්‍රජාව වෙත සිදු කරන ලදී. ශාන්ත පීටර් විද්‍යාලයේ සහ යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ පූජකවරුන්, ගුරුවරුන් සහ සිසුන් වෙත ද තවත් දේශන දෙකක් පවත්වන ලදී.

මෙම සියලු දේශන ඉංග්‍රිසි සහ සිංහල මාධ්‍යයෙන් 14 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ලුතිනන් කර්නල් නලින් හේරත් විසින් මෙහෙයවන ලදී. latest Running Sneakers | Buy online Sneaker for Men