Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2021 08:20:35 Hours

මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරයි

මන්නාරම දිස්ත්‍රික් ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් වැඩිදියුණු කර පසුගිය බ්‍රහස්පතින්දා (23) දින මන්නාරම සෞඛ්‍ය බලධාරින් වෙත භාරදුන්හ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ සහයෝගය ඇතිව ඇඳන් 50 කින් සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුල්‍යමය අනුග්‍රාහකත්වය දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් අතර 54 වන සේනාංකයේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කරන ලදී.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය බලධාරින් වෙත භාරදීමේ අවස්ථාවට ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, 54 වන සේනාංකයේ සේනාංකාධිපති, 543 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උතුරු පළාත් දේශීය ඖෂධ හා ළමා සුරැකුම් සේවා ලේකම් සහ මන්නාරම දිස්ත්‍රික් අතිරේක ලේකම් ඇතුළු තවත් රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගි වූහ.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර වෙත ලබාදුන් උපදෙස් මත දින කිහිපයක් තුල මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම සඳහා පියවර ගනු ලැබීය.