Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2019 21:57:11 Hours

බටහිර භටපිරිස් සහ 65 වන සේනාංකයේ භටපිරිස් එක්ව ප්‍රජා ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරයි

බලධාරීන්ගේ ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස මීගොඩ පළාත් ආයුර්වේද රෝහලට යාබදව පිහිටි ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු මීගොඩ ‘ඔසු උයන’ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින පිරිසිදු කරන ලදී.

‘සුව ගෙවත්ත’, ‘සුව කෙත’ සහ ‘ඇල්හේන ව්‍යාපෘතිය’ නඩත්තු කරන මීගෝඩ ආයුර්වේද රෝහලේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු ශාකසාර උද්‍යානය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාව සහයෝගය ලබාදුන්හ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත එම භටපිරිස් උද්‍යානය පිරිසිදු කර දිනක් ඇතුළත එය පිළිවෙලට සකස් කර බලධාරීන් වෙත භාරදෙන ලදී.

මෙම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් උදිත බණ්ඩාර සහ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් අයි.පී. කදනආරච්චි සහභාගි වූහ.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හි භටපිරිස් සැප්තැම්බර් මස 12 සිට 14 දින දක්වා මුලන්කාවිල් සහ අනවිලන්තන්කුලම් ප්‍රදේශයේ ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.

ඒ අනුව, 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 10 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් 6 දෙනෙකු සමඟ එක්ව මුලන්කාවිල් විනයානගර් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනකට දායක විය. තවද, 20 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අනවිලන්දන්කුලම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සඳහා ද එක්විය. ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු සිය සහයෝගය ලබාදුනි.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත 651 සහ 652 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබීය. Running sport media | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth