Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th November 2022 19:08:56 Hours

පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

නිවාස අවශ්‍යතා සහිත කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟින් අත්විඳින දුෂ්කරතාවයන් පිළිබඳ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ස්ථාපිත පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ භටපිරිස් විසින් මේජර් ජෙනරල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික) දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන්ගේ ඉල්ලීමකට අනුව විදේශගතව පදිංචිව සිටින ලලිත් ජයසුන්දර මහතා විසින් නව නිවසක් ඉදිකිරීම සඳහා සිය මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලදී.

පරිත්‍යාගශීලියාගේ මූල්‍ය දායකත්වය මත මෙම නිවසේ වැඩකටයුතු සති කීපයක් ඇතුලත නිමකිරීමට භටපිරිස් සමත්වූහ. තුන්කම, කරවිලයාය ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී මේජර් ජෙනරල් සුසිල් චන්ද්‍රපාල (විශ්‍රාමික) සහ පරිත්‍යාගශීලි ලලිත් ජයසුන්දර මහතාගේ සුරතින් නිවාසලාභී කේ.ඩී. නිලූකා දයානි මහත්මිය සහ දරුවන් තිදෙනා වෙත ඉකුත් සඳුදා (14) දින භාරදෙනු ලැබීය.

පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස් ගේ උපදෙස් හා 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩබ්ලිව්.යූ.එම්. ගුණතිලක ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත මෙම නව නිවස ඉදිකරනු ලැබූහ.

නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාවපොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දික පීරිස්, 12 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩබ්ලිව්.යූ.එම්. ගුණතිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසකගේ සහභාගීත්වයෙන් වඩාත් වර්ණවත් විය.